දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ලවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්වී සිටින බවයි.
එමෙන්ම පුද්ගලයන් 276,550 දෙනෙක් පීඩාවට පත්වී සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයන් 16,553 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
(colombotimes.lk)