රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම තුවාල ලැබූ පුද්ගලයන් ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද (28) උදෑසන 08වන විට දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක පවුල් 98,635කට අයත් පුද්ගලයන් 330,894කට පවතින කාලගුණික තත්ත්වය අයහපත් ලෙස බලපෑම් කර ඇති බවයි.
එමෙන්ම නිවාස 82කට පූර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,465කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයන් 26,625ක් රඳවා ඇති බවයි.
(colombotimes.lk)