12 May 2025


ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙයි



ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම වෛරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් විද්‍යාඥයන් පවසනවා.

කුරුලු උණ යනු කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් වුවත් එය මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වුවහොත් මාරාන්තික වන බවයි සඳහන් වන්නේ.

 
(colombotimes.lk)