colombotimes.lk
සිංහල | English

22 October 2024


බස් රථ අනතුරකින් 28ක් රෝහලට



අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසලදී අද (22) දහවල් පෞද්ගලික මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් 28 දෙනෙක් පමණ තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනක්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

(colombotimes.lk)