23 April 2025


කාදිනල් හිමිපාණන් වතිකානයට



කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් උන්වහන්සේ වතිකානය බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට උන්වහන්සේ මෙලෙස වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
 
අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)