අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදු කරන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා.
පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ අද (21) රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවයි.
මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආර්ජන්ටිනාවේ දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එමෙන්ම බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම සියලුම දේවස්ථානවල කළු කොඩි ද ඔසවා තැබූ බවයි.
තවද ස්පාඤ්ඤයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම ප්‍රංශයේ පැරිසියේ නෝත්‍රඩෑම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)