සහල් ආනයනය කළ ව්‍යාපාරිකයන්ට අද (26) පෙරවරුවේ සිට සහල් නිෂ්කාශනය කර ගැනීමට හැකියාව තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රජය ආනයනය කළ මෙට්‍රික්ටොන් 780ක පළමු සහල් තොගය ඊයේ (25) රාත්‍රීයේදී කොළඹ වරාය වෙත ළඟාවන බවයි.
ඒ අනුව එම සහල් තොගය කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)