27 December 2024


මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය



මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ ඊයේ (16) රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මහජන උපයෝගීතා කොමිසම සාමාජිකයන් 5 දෙනෙක්ගෙන් සමන්විත වනවා.
 
මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්. බී. ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්. පී.එස් ප්‍රනාන්දු, පී හේන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන අයට අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)