27 December 2024


අගවිනිසුරු ධූරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය



මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මූර්දු ප්‍රනාන්දුව පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.

මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දුන්නා.

ඇය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබෙනවා.

(colombotimes.lk)