27 December 2024


ලොව පුරා බිඳ වැටුණු WhatsApp, Facebook සහ Instagram යළි යථා තත්ත්වයට



මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ලොවපුරා බිඳ වැටීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් යනතුරු පරිශීලකයන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුවී තිබෙනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දී ඇත්තේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවී ඇති බවයි.

එමෙන්ම ඊයේ (11) පස්වරුව වන විට Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයන් 22,000ක් පමණ වාර්තා කර තිබූ අතර 18,000ක් පමණ WhatsApp පරිශීලකයන් ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියලු සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පැමිණිලි ලක්ෂයකට වඩා ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ (11) බිඳ වැටුණු සිය සේවා සැපයුම මේ වන විට 99%ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා.

(colombotimes.lk)