29 December 2024


අපරාධ පාලනයට කමිටුවක්



වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වෙනුවෙන්.

බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම කමිටුවේ සභාපතිවරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 20දෙනක්ගෙන් සමන්විත මෙම කමිටුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, පොලිස් විශේෂ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10දෙනෙක් ඇතුළත් වනවා.

එමෙන්ම ඊට අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර සහ දකුණ අපරාධ කොට්ඨාසය හා කළුතර, ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)