29 December 2024


LTTE සංවිධානය සමඟ සටන් විරාමයකට ගිය හේතුව රනිල් කියයි



2001 වසරේදී තමාට LTTE සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹීමට සිදුවුණේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හේතුවෙන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (27) පැවති අතල් බිහාරි වාජ්පායි දේශනයට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ කාලය තුළදී තමන්ට දරුණු දේශපාලනික අර්බුදයකටද මුහුණ දීමට සිදු වූ බවයි.

(colombotimes.lk)