09 January 2026

logo

රජයේ අරමුණු ගැන අග්‍රාමාත්‍යවරිය කියයි



රටේ අධ්‍යාපන ක්‍රමය මඟින් කිසිවෙක් අත් නොහැර ඉදිරියට ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
 
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඩිප්ලෝමා හැදෑරූ සිසුන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම බවයි.

(colombotimes.lk)