26 May 2026

logo

ශ්‍රීලනිපය ඉදිරි මැතිවරණවලදී තනිව එයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත සලකුණින් ඉදිරියේදී මැතිවරණවලට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාව බලාපොරොත්තු වන්නේ පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

(colombotimes.lk)