29 December 2024


අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතරත් ව්‍යාප්ත වෙයි



අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතරද ව්‍යාප්තවී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන් 100කට අධික පිරිසක් සූකර උණ වැළදී මිය ගොස් ඇති බවයි.

මීට අමතරව රත්නපුර, කළුතර, මහනුවර, සියඹලාණ්ඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වන ගත ප්‍රදේශ වල ජීවත්වන වල් ඌරන් අතරද වෛරසය ව්‍යාප්තවී ඇති බවට තොරතුරු වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පවතින තත්තවය හමුවේ වනෝද්‍යානය තුළ විවෘත කඳවුරුබිම් තුළට ඌරු මස් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)