අධික වර්ෂාපතනයත් සමඟ වගාබිම් අක්කර 390,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ ජලයෙන් යටවූ වගාබිම්වල හානි තක්සේරු කිරීම හෙට (02) ආරම්භ කරන බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් වැඩිම වගාබිම් ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්තේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල බවයි.
එමෙන්ම සමස්තයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවිබිම් රැසක් ජලයෙන් යටවී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)