පවතින නියඟය හේතුවෙන් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතයි.
ඒ අසන්දහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වනජීවී නිලධාරීන් සහ අනෙකුත් වගකිවයුතු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
වනජීවී නිලධාරීන් විසින් වනෝද්‍යාන වසා දැමීමට දැනටමත් නිර්දේශ කර ඇත්තේ සතුන්ට අවශ්‍ය ජලය සහ ආහාර නොමැතිකම සැලකිල්ලට ගනිමින්.
මාස තුනක පමණ කාලයක් පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යාන තුළ ඇති පොකුණු සහ ජල මාර්ගවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහත බැස තිබෙනවා.
වනෝද්‍යාන තුළ සිටින සතුන්ට ජලය ලබාදීමට නිලධාරීන් පියවර ගෙන ඇතත්, එම පියවරේ ප්‍රායෝගිකභාවය පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
ජාතික වනෝද්‍යාන වසා දැමීමේ තීරණයකට එළැඹීමට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද උපදෙස් ලබා ගන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පැවසුවා.
(colombotimes.lk)