colombotimes.lk
සිංහල | English

02 May 2024

මත්පැන් නිෂ්පාදන සමාගම් නවයකට වැඩ වරදින ලකුණු



දිගින් දිගටම සුරාබදු ගෙවීම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිඟ බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දී තිබෙනවා. 

ඒ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා විසින්. 
 
එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. 
 
එමෙන්ම බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා තිබෙනවා. 
 
අදාළ හිඟ බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් 'ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිඟ බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
(colombotimes.lk)