ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වෙත භාර දී තිබෙනවා.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමඟ ඩයනා ගමගේට මෙරට විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළ නොහැකි බැවින් ඇයට නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රය යළි ලබාදෙන ලෙස ලිපියක් යොමු කළ බව ආගමන විගමන පාලකවරයා කියා සිටියා.
(colombotimes.lk)