දිස්ත්‍රික්ක 5 ක පුද්ගලයන් 89,000 ක් පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ අනුව රත්නපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 27,883 කට අයත් පිරිසක් මෙලෙස පානීය ජල අර්බුදයට මුහුණදී සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළා.
මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර ආදී පළාත්වල ලොරිවලින් බෙදා හරින පානීය ජලය සඳහා මේ දිනවල ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.
පානීය ජලය ලීටරයක් රුපියල් 3 ත් 5 ත් අතර මිලකට අලෙවි කරන අතර, ලිං ජලය පිරිසිදු කර ලොරිවලින් බෙදාහැරීම සිදු කෙරෙන බව ද සඳහන්.
නමුත්, මෙලෙස බෙදා හරින ජලයේ තත්වය පිළිබඳව කිසිඳු ආයතනයකින් පරීක්ෂා නොකිරීම නිසා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතින බවයි වාර්තා වන්නේ.
(Colombotimes.lk)