25 May 2025


දුමින්ද බන්ධනාගාර රෝහලට



හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි. බී. දිසානායක සඳහන් කළේ අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නියිග කර තිබෙනවා.

(colombotimes.lk)