මෙරට ප්‍රධානතම අපනයන කෘෂි බෝගයක් වන කුරුඳු වගාව මඟින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරන බවයි වාර්තා වන්නේ.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනක ලින්දර සඳහන් කළේ මේ වන විට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි.
එම ආදායම දෙගුණයක් කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවද ඔහු කියා සිටියා.
ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර හම්බන්තොට ප්‍රදේශවලට අමතරව කුරුණෑගල, පුත්තලම සහ මහවැලි කලාප වැනි ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)