colombotimes.lk
සිංහල | English

21 October 2024


හිටපු ඇමති ලොහාන්ගේ පෞද්ගලික ලේකම් ජීවිතක්ෂයට



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවයි.

ඔහු වයස අවුරුදු 60 වන වියේ පසුවනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනද ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)