colombotimes.lk
සිංහල | English

17 October 2024


හිටපු බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට



රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ හිටපු බන්ධනාගාර නිලධාරියෙක් රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉඹුලාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිට 2019 වසරේ දී ඉන් ඉවත් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600ක්, ගංජා සහ කිරුම් උපකරණ කිහිපයක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)