colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs WI | වාර්තා අලුත් කරමින් T20 තරගාවලියේ ජය සිංහයන්ට



ඉතිහාසයේ පළමු වතාවට ද්විපාර්ශවීය T20 තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට අද (17) ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ තරග 3කින් සමන්විත තරගාවලියේ අවසන් තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කරමින්.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා අර්ධ ශතක රැස් කළා.

ඒ අනුව මෙම තරගාවලියේ ජය තරග 2 - 1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වුණා.

(colombotimes.lk)