colombotimes.lk
සිංහල | English

17 October 2024


හිටපු ජනපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න



රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමඟ සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.  

ඒ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බවයි.
 
එමෙන්ම එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම 1%ක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන නොයන අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බවයි.  

(colombotimes.lk)