01 July 2025

logo

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය



ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුවී  ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ පවසනවා.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුබ පැතුම් එක් කරමින් ඊයේ (15) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින්.

එහිදී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, කියුබාවේ ආධාර මත ක්‍රියාත්මක කළ මේ වන විට නතර වී තිබෙන මදුරු මර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියුබානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහාද නිල ආරාධනයක් කර තිබෙනවා.

(colombotimes.lk)