20 December 2024


සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය දීර්ඝ කරයි



සහල් ආනයනය සඳහා දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

සහල් ආනයනය සඳහා ලබාදී තිබූ කාලය අද (20) අවසන් වීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ පෞද්ගලික ආනයනකරුවන් විසින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 35600ක් මේ වන විට දිවයිනට ලැබී ඇති බවයි.

(colombotimes.lk)