19 April 2025


චිඩෝ සුළි කුණාටුව ජීවිත 73ක් බිලිගනියි



නැගෙනහිර අප්‍රිකානු රටක් වන මොසැම්බික්හි මයෝට් දූපතට මේ වන විට බලපා තිබෙන චිඩෝ සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් තවත් පුද්ගලයන් 540 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම පුද්ගලයන් 329,500කට අධික පිරිසක් පීඩාවට පත්වී සිටිනවා.

තවද නිවාස 39,100කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)