18 December 2024


සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරයි



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ තමන් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශාන්ත තෝමස් ප්‍රථමික විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බවයි.

එමෙන්ම ඔහු සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙරට තුළ මුහුණ නොදුන් බවත් ඉන් අනතුරුව තමන් එංගලන්තයේ විද්‍යාලයකට ඇතුළත් වූ බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහිදී තමන් සාමාන්‍ය පෙළ විභායට පෙනී සිට A සාමාර්ථ 2ක්, B සාමාර්ථ 2ක් හා C සාමාර්ථ 3ක් හිමිකරගත් බවයි.

ඉන් අනතුරුව 1986 වසරේදී උසස් පෙළ විභාගය සඳහා එංගලන්තයේදී පෙනී සිටි බවත් එයින් B සාමාර්ථ 2ක් හා C සාමාර්ථ 1ක් ලබාගත් බවද ඔහු ප්‍රකාශ කළා.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔහු උසස් පෙළ හා සමාන Upper 6th පන්තියේදී දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා මිල්හිල් විද්‍යාලයේ School Prize ද ලබාගෙන තිබෙන බවයි.

(colombotimes.lk)