09 January 2026

logo

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ සජිත් ප්‍රේමදාස විසින්ම මෙම සහතික සහ අනෙකුත් ලේඛන ලබාදීමට කටයුතු කළ බවයි.

විපක්ෂ නයකවරයා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින්.


(colombotimes.lk)