18 December 2024


විශ්වාසභංග යෝජනාවෙන් ජර්මන් චාන්සලර්වරයා පරාජයට පත්වෙයි



ජර්මන් චාන්සලර් ඔලාෆ් ශෝල්ස්ටර්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සමඟම ලබන වසරේ පෙබරවාරි මාසයේදී ජර්මනියේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම සභාග රජයට සහය ලබාදුන් පක්ෂ මීට මාස 02කට පමණ පෙරදී ඉන් ඉවත්වීමත් සමඟ ජර්මානු රජය බිඳ වැටීමට ලක්වුණා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි.

පවතින ආර්ථික සහ ගෝලීය අර්බුදය හමුවේ ජර්මනියේ දේශපාලනය දැඩි අස්ථාවර තත්ත්වයකට පත් වී තිබෙනවා.   

(colombotimes.lk)