චීන ජාතික සංචාරකයෙකුට තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උඩරට මැණිකේ දුම්රියේ අවට දසුන් වීඩියෝ කරමින් සිටි චීන ජාතික සංචාරක කාන්තාවකගේ අතේ තිබූ ජංගම දුරකථනය පොල්ලකින් ගසා කොල්ලකෑමටයි ඔවුන් උත්සහ කර ඇත්තේ.
නාවලපිටිය ඉඟුරුඔය දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගය අසල ගල්තලාවක් මත සිටි සැකකරුවන් තිදෙනකුගේ එම පහරදීමෙන් සංචාරකයාගේ අතට තුවාල සිදු වී තිබුණා.
නාවලපිටිය පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
(colombotimes.lk)