මහවැලි කලාපවල ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි මැදිහත්වීම ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න කියා සිටියේ ජලාශවල ප්‍රමාණවත් ජලය තිබුණද වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නිකුත් නොකරන බවයි.
මෙම පියවරට එරෙහිව මහවැලි කලාපවල ගොවීන් දින කිහිපයක සිට විරෝධතාවයේ නිරත වනවා.
මේ අතර සමනලවැව ජලාශයෙන් කුඹුරුවලට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතයි.
වසර 20කට පසු මහවැලි කලාපවලට බලපෑ දරුණුතම නියඟයෙන් ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
(colombotimes.lk)