colombotimes.lk
සිංහල | English

22 October 2024


පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර කරයි



දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ එක් ගොවියෙක් වෙනුවෙන් රුපියල් 15,000ක මුදලක් බැර කර ඇති බවයි.

ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වන විට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)