16 January 2025


විදුලි ගාස්තු සංශෝධන ගැන අවසන් තීරණය හෙට



විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට පවතින විදුලි ගාස්තුව මෙම වසරේ මුල් මාස 6 අවසන් වන තෙක් සංශෝධනය නොකළ යුතු බවට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවයි.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම 2024 වසරේ දෙසැම්බර් 27වනදා සිට පසුගිය 10වනදා තෙක් සිදු කර තිබෙනවා.

 
(colombotimes.lk)