පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩ කළ යතුරු පැදි ඇතුලු රථ වාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව බණ්ඩාරගම - කිදෙල්පිටිය ප්‍රදේශයේ අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි 4ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අධික ශබ්ද සහිත සයිලන්සර් සවිකර ධාවනය කරන ලද යතුරුපැදි 15ක් සහ එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අතුරුගිරිය සහ ගල්කිස්ස පොලිස් වසම් තුළ මාර්ග නීති කඩ කළ සහ බීමත්ව රිය පැදවූ යතුරු පැදි සහ මෝටර් රථ 70කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.