13 May 2025


ගැරඬිඇල්ල බස් අනතුරෙන් පසු ජංගම දුරකථන 35ක් සොයාගනියි



කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන සහ අනෙකුත් ද්‍රව්‍ය කොත්මලේ පොලීසිය තුළ සුරක්ෂිතව තබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තම අනන්‍යතාවය තහවුරු කර අදාළ ද්‍රවය ලබාගත හැකි බවයි.

පසුගිය 11වනදා බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 22කට ජීවිත අහිමි වුණා.

අදාළ අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ලැබුණු ජංගම දුරකථන 35ක්, ගමන්මලු හා අනෙකුත් ද්‍රවය පොලීසිය තුළ එලෙස තබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)