02 July 2025

logo

ග්‍රීසිය සෙළවෙයි



ග්‍රීසියේ - ෆ්‍රයි ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය පොළව මට්ටමේ සිට කිලෝමීටර 78ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.

එමෙන්ම මෙහි කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා දැනී තිබෙනවා.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් කිසිදු දේපළ හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)