colombotimes.lk
සිංහල | English

12 May 2024

මධ්‍යම කඳුකරයට මීදුමෙන් බාධා



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්වයක් සහ රාත්‍රීයේදී දැඩි මීදුම් තත්වයක් ඇති වී තිබෙනවා.

රාත්‍රී කාලයේදී දැඩි මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන පරිදි මීදුම් තත්වය පැවතීම හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැළකිලිමත් වන ලෙස ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)