ලෝක මව්වරුන්ගේ දිනය අදට (12) යෙදී තිබෙනවා.
මෙම දිනය 1912 වසර දක්වා ඈතට දිව යන ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා.
දරු සෙනෙහස මහ මෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළ අම්මාගේ ගුණ, සුවඳ සිහිකිරීම අද දවසේදී සිදු කරනු ලබයි.
දහසක් දුක් විඳින දයාබර මව්වරුන්ගේ දුක් සියල්ල නිමා වෙන සුබ මව්වරුන්ගේ දිනයක් වේවා යන්න අප සැමගේ එකම පැතුමයි.
(colombotimes.lk)
