26 December 2024


විදෙස් තානාපතිවරු අග්‍රාමාත්‍යවරිය හමුවෙයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඊජිප්තුවේ තානාපති, ඉරානයේ තානාපති, ජපානයේ තානාපති, වතිකානුවේ තානාපති එලෙස අග්‍රාමාත්‍යවරිය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)