05 June 2025


ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට



තලවකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු.2,380,000ක පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)