06 June 2025


රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් වෙයි



රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නියෝගය ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි,  ලිබියාව, සෝමාලියාව සහ සුඩානය යන රටවල් සඳහා බලාත්මක වන බවයි.

එම නියෝගය ජුනි 09වනදා සිට බලාත්මක වන බවයි වාර්තා වන්නේ. 

දූෂිත විදේශකයින් සිය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. 

එමෙන්ම සිය පළමු ධූර කාලය තුළ 2017 වසරේදී ද ඔහු රටවල් 07ක පුරවැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව තීරණයත් සමඟ සංචාරකයන්, සංක්‍රමණිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම ග්‍රීන්කාඩ් හිමි පිරිස්වලට බලපෑම් එල්ල වී ඇති බවයි. 

(colombotimes.lk)