17 July 2025

logo

පාකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාව ගැන ප්‍රකාශයක්



ඉන්දියාව සමඟ පවතින සියලු ආරවුල් විසඳා ගැනීමට අවශ්‍ය‍ බව පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පවසනවා.
 
පාකිස්ථාන අගමැතිවරයා සඳහන් කළේ සිය සාමය පිළිබඳ යෝජනාව ඉන්දියාව පිළිගතහොත් එයින් ඔවුන්ටද සාමය අවශ්‍ය වන බවට පැහැදිලි වන බවයි.

ඉරානයේ සිදු කළ සංචාරයක් අතරතුරදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව සඳහන් කළේ පාකිස්ථානය සමඟ සාකච්ඡා පැවැත්විය හැක්කේ පාකිස්ථානය අත්පත් කරගත් කාශ්මීරය නැවත ලැබුණහොත් පමණක් බවයි.

එමෙන්ම කාශ්මීර දේශ සීමාවේ ත්‍රස්තවාදය පිළිබඳව ද ඉන්දියාව එහිදී නැවත අවධාරණය කර තිබෙනවා.


(colombotimes.lk)