06 June 2025


මුඛ ආවරණ පැළඳීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්



කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් රෝගීන් වාර්තාවීම මේ දිනවල යම් වැඩිවීමක් සිදුව ඇති බවයි. 

කෙසේවෙතත් එය වසංගත තත්ත්වයක් නොවන බවද  අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා. 

(colombotimes.lk)