31 May 2025


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 
 
පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සහ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. 
 
එමෙන්ම ඔහු විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා. 
 
ඔහුගේ දේහය මේ වන විට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි. 

(colombotimes.lk)