17 July 2025

logo

අසල්වැසි ඉන්දියාවේ නව කොවිඩ් රෝගීන් දහස ඉක්මවයි



ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය ආසාධිත පුද්ගලයන් 1,009ක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවයි.

එමෙන්ම එම රෝගීන්ගෙන් 99දෙනෙක් පමණ පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)