නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එය නිකුත් කර ඇත්තේ ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුවයි.
නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහ සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබෙනවා.
ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව සිය බලතල ප්‍රදේශවල ස්ථාන මාරුවීම්, වැඩ තහනම් කිරීමේ කටයුතු සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වී තිබෙන බව එම නිවේදනයේ සඳහන්.
සහාකාර පොලිස් අධිකාරිවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනයශාලා දඬුවම් නියම කිරීම් සහ වැඩ තහනම් කිරීමේ බලයද හිමි වනවා.
(colombotimes.lk)