ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් ජනපති නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවන් රුපියල් ලක්ෂ 10ක් වන්දි ලෙස ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙක්ටද රුපියල ලක්ෂ 10ක් වන්දි ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ අතර පූර්ණ හානි වූ නිවසකට රුපියල් ලක්ෂ 25ක් සහ අර්ධ හානි වූ නිවසකට හානි වූ ප්‍රමාණය අනුව වන්දි ලබාදීමට නියමිතයි.
(colombotimes.lk)